Wednesday, March 4, 2015

අඳුරට සංවේදී ස්විචයක් හදමු


අද මම ඕගොල්ලන්ට කියල දෙන්න යන්නෙ පරිපතයක් හදන හැටි.මේක අපේ සයිට් එකේදෙන මුල්ම පරිපතය.අපි හදන්න යන්නෙ අඳුරට සංවේදී ස්විචයක් ඒ කිව්වෙ කලුවර වැටුනම වැඩකරනව ආලෝකය වැටුනම ආයෙ ක්‍රියා විරහිත වෙනව.මේක වෙන්නෙ අපි මේ පරිපතයට භාවිතා කරන LDR එකෙන්.
LDR එකක් කියන්නෙ ආලෝකයට සංවේදී උපකරනයක්.අපි මේ පරිපතය හදන්නෙ අඳුරට සංවේදී  වන ආකාරයට.LDR  එක අඳුරේ ඇති විට D 400 ට්‍රාන්සිස්ටර් එක් ක්‍රියාත්මක වේ.පරිපතය ක්‍රියාත්මක වීමට අවශ්‍ය අඳුරැ මට්ටම 'VR' විචල්‍ය ප්‍රතිරෝදකය මගින් සීරැමාරැ කල හැක.

දොරටුවක් හරහා යන එන අය කැපෙන විදිහට ආලෝක ධාරාවක් සකසා පරිපතය අටව ගත්තාම මෙය ආරක්ෂක උපකරනයක් විදිහටද භාවිතා කරන්නත් පුලුවන්.ඔය පාරවල් අයිනෙ හයි කරල තියෙන ආලොක පහන් ඒ කිව්වෙ පාරවල් අයිනෙ හයිකරල තියෙන බල්බ් එහෙම කව්රැ හරි ඇවිල්ල රෑට දාල යනවයැ.ඊට පස්සෙ උදේට ඇවිල්ල ආයෙ නිවල යනවයැ නැද්ද ආ.ඒවට භාවිතා කරල තියෙන්නෙත් මේ වගේම පරිපතයක් තමා.
පහලින් පරිපත සටහන දාල තියෙනව ඒකෙ විදිහට හදල බලන්න.අවශ්‍ය උපකරනත් පහලින් දාල තියෙනව.


  • ප්‍රතිරෝදක (රෙසිස්ටර්) = (R1) (R2)  1K   - 2
  • විචල්‍ය (ප්‍රී සෙට්)       =(VR) 100K(Pot)     -  1
  • LDR                      = 1
  • පිලියවනය (රිලේයි) = (RL)      -  1
  • දියෝදය (ඩයෝඩ)  = (D1) 1N 4001     -  1
  • බල්බයක් හෝ තමන්ට කැමති දෙයක් යොදා ගන්නට පුලුවන්
යොදා ගන්න බල්බය හෝ වෙනත් දෙයක් උවත් පරිපතයට සවිකරනකොට පිලියවනය (රිලේයි)  එකට සවි කරන්න අමතක කරන්න එපා ඕං.

මෙන්න මම හදපු පරිපතය වැඩ කරන විදිහ බලන්න.LDR එක අතින් වහල කලුවර කරාම තමා වැඩ කරන්නෙ.Video එකනම් ටිකක් පැහැදිලි නැ අවුලක් නැ බලන්න පුලුවන්.                



ඉදිරියට මේ වගේ තව ලිපි දෙන්න බලා පොරොත්තු වෙනව.ඕගොල්ලන්ගෙ Comments අනිවාරෙන්ම දාල යන්න.

2 comments:

  1. mcn relay aka onema naha neda??
    maath kalin electronic course akak kala. um66 akak unath danna puluwan. led walak unath puluwan

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ එහෙම කරන්නත් පුලුවන්.ලිපිය බැලුවට සහ Comment කරාට තෑන්ක්ස් සහෝ

      Delete