Thursday, October 16, 2014

දැන්වීම් නරඹා මුදල් සෙවිය හැකි වෙබ් අඩවි


ලැබෙන පළමු වින්ඩෝවේ  REGISTER  බොත්තම මත click  කරන්න.

\



දෙවනුව රූපයේ ආකාරයේ  window  එකක් දක්නට ලැබේ.



මෙහි අoක දමා ඇති ආකාරයට පිළිවෙලින්,

       (1) සම්පූර්ණ නම      (2) ඊ මේල් ලිපිනය     (3) ඊ මේල් ලිපිනය (යලිත්)
       (4) Username එක - මෙය වෙබ් අඩවිය භවිතා කරද්දී ඔබව හදුන්වන අනුවර්ත නාමය. මේ සදහා ටිකක් විශේෂ නමක් භවිතා කරන්න.
       (5) මුරපදය(password)    (6) යලිත් මුරපදය    (7) ඉදිරි කොටුවෙ දක්වා තිබෙන  code එක.

යන සියල්ල සම්පූර්ණ කරන්න. ඒ වගේම ඔබ ඇතුලත් කල සියලු විස්තර කවර හෝ ස්ථානයක සටහන් කර ගැනීම වැදගත් වේවි

අවසානයේ  අoක (8) වශයෙන් දක්වල තියෙන කොටුව මත click කරන්න. එමගින් කියවෙනුයේ ඔබ සමාගමේ නීති සහ රෙගුලාසි වලට එකග වෙන බවයි.

දැන් ආපහු Details ටික හරිද කියල පරික්ෂා කරල බලලා,  REGISTER බොත්තම මත click කරන්න.


මීලගට ලැබෙන වින්ඩෝවේ Login බොත්තම  Click කරන්න.



මෙහිදී ඔබ මුලින් ඇතුලත් කල Username එකත් Password එකත්,රූපයේ දැක්වෙන Code එකත් නිවැරදිව ඇතුලත් කර Login බොත්තම ඔබන්න.


දැන් ගොඩක් දුරට වැඩේ ඉවරයි. මීළග screenshot එකෙන් පේන්නෙ ඔබේ account  එක. සිoහලෙන් කියනවනම් ඔබේ ගිනුම.  



Account  එකේ දිස්වෙන සියල්ලේම  තේරුම් පසුව ලිපියක් තුලින් පැහැදිලි කෙරෙනවා. දැනට අවශ්‍ය මූලික කරුණු පමණක් සලකමු.

අoක  (1) න් දැක්වෙන්නේ ඔබේ ගිණුමේ ශේෂය. එය දැනට $0.0000 ලෙස පෙන්වනවා ඇත.

අoක  (2) න් කියැවෙන්නේ ඔබ අද දවසේ දැන්වීම් 4ක් වත් නරඹා නොමැති බවයි. දැන්වීම් 4 ක් යනු ඔබ ඔබේ  Referrals ලා නරඹන දැන්වීම් වලින් කොමිස් ලැබීමට නම් දිනකට නැරඹිය යුතු "අවම" දැන්වීම් ප්‍රමාණය වේ.Referrals ලා ගැන සහ කොමිස් ලැබීම ගැන පසුවට පැහැදිලි කර ගනිමු.

මීලග්ට් දැන්වීම් නරඹන ආකාරය පැහැදිලි කර ගනිමු. අoක  (3) න් දක්වා ඇති  View Advertisments  මත Click කරන්න. 


දැන් පහත රූපයේ පරිදි පොඩි ප්‍රෙහේලිකාවක් ලැබෙනු ඇත.


මෙහිදි ඔබ කලයුත්තේ පින්තූරයේ දැක්වෙන වචනය පහතින් Type කිරීමයි. උදාහරණයක් විදියට මෙහි දැක්වෙන වචන දෙක Type කල යුත්තේ and gdomais ලෙසයි. මෙවන් දෙයක අරමුණ නම් ඔබ සැබෑ පුද්ගලයෙක්ද නැතහොත් මුර්‍දුකාoගයක් ද යන වග හදුනා ගැනීමටය. ස්වයන්ක්‍රීයව Adds Click වීම සදහා නිර්මණය කරනු ලැබුව applications කලින් කලට දක්නට ලැබේ. එවැනි  මුර්‍දුකාoගයකට මෙවැනි දෙයක් කිරීමට නොහැක. 


ඉහත සටහනින් දැක්වෙන්නේ දැන්වීම් වින්ඩෝ (Advertisment window) එකක්.මේ වින්ඩෝ එකේ තියෙන ඔක්කෝම දැන්වීම්.  20ත් 30 ත් අතර ප්‍රමාණයක් තිබේවි. ඔබ විසින් ඒ සියලු දැන්වීම් නැරඹිය යුතුයි. උදාහරණයක් ලෙස දැන්වීමක් මත Click කරන්න. එවිට එය අලුත් tab එකක විව්‍රත වේ. 


ඉහත දැක්වෙනුයේ විව්‍රත කරන ලද දැන්වීමකි. මෙහි ඉහල දාරය හැරුණුකොට මුලු තිරයේම දැන්වීම දිස් වේ. සලකුණු කර ඇත්තේ කාල පරාසයකි. ඔබට මුදල් ලැබීමට නම් මෙම කාලය අවසන් වන තාක් කල් දැන්වීම නැරඹිය යුතු වේ. ඒ අතර දැන්වීමේ දිස් වන කිසිවක් මත click කිරීමෙන් වැළකී සිටින්න. 


දැන්වීම නරඹා අවසානයේ මෙවැනි රූපයක් දිස්වෙනු ඇත. මෙයද පෙර සේම කුඩා software හදුනාගැනීමේ පෙරට්ටුවකි.  මෙහිදි කල යුත්තේ උඩු යටිකුරු වූ රූපය click කිරීම පමණි. අනතුරුව ඔබට මුදල් බැරවෙනු ඇත.

ඉතා වැදගත්!


මෙම රෑපයේ සලකුණු කර ඇති ආකාරයේ දැන්වීම කිසි විටෙකත් Click කරන්න එපා. එහි සදහන් කර ඇත්තේද Click නොකරන ලෙසය. මෙයද ඔබ Adds Click කරන්නේ මෘදුකාoගයකින්ද යන වග පරික්ෂා කිරීමට යෙදූ උපක්‍රමයකි. බැරිවෙලාවත් මෙම Add එකClick  කලොත්  ඔබේ ගිණුම අවලන්ගු වෙනු ඇත.

ඉතා වැදගත්!!!  

කිසිම විටෙකදී   Advertisment   1 කට වඩා එක් වතාවකදී  open කිරීමෙන් වැලකී සිටින්න.
 

කිසිම විටෙකදී  එක පරිගණකයකින් ගිණුම් 2ක් සෑදීම වැනි වoචාකාරී වැඩ කරන්න එපා. ඔබේ ගිණුම් 2 ම අවලoගු වී යනු ඇත.
 
කිසිම විටෙකදී පොදු ස්ථානයක හෝ පොදු පරිගණකයකින් log වීමෙන් වලකින්න.

 

මේ ආකාරයට ඔබට ලැබෙන Advertisments සියල්ල නරඹා අවසානයේදී  ඔබේ ගිණුම් ශේෂය වැඩිවී තිබෙනු දැකිය හැකි වනු ඇත.

මෙම ලිපියෙන් උත්සාහ කරනු ලැබුවේ කිසිවක්ම නොදන්නා අයෙකුට පවා අවබෝධ වන පරිදි  Adds Cliking වල මූලිකම කරුණු කියදීමයි. ටිකක් දිග වැඩි උනාට සමාවෙන්න! Adds clicking වල මීට වඩා මුදල් සෙවීමේ උපක්‍රම, මුදල් අතට ගත හැකි ආකාර ඉදිරි ලිපි වලින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ලිපිය ගැන ඔබේ අදහස් comment විදිහට ප්‍රකාශ කරන්න. ඒ වගේම නොතේරෙන තැනක් තියනවනම් ඒවත් comment  කරන්න අමතක කරන්න එපා. ඊළග ලිපියෙන් හමුවෙමු.
                          
ඔබට ජය!




No comments:

Post a Comment